ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය. තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය බ්‍රිස්බේන්හිදී අද (01දා) පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 179 ක් රැස් කලේය. එහිදී ජොස් බට්ලර් පන්දු 47 කදී ලකුනු 73 ක් රැස් කලේය. ඇලෙක්ස් හේල්ස් ලකුනු 52 ක් රැස් කලේය. අනතුරුව ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයින්ට සිය පන්ුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 159 ක් පමණි. ග්ලේන් පිලිප්ස් එහිදි පන්දු 36 කදී ලකුණු 62 ක් වාර්තා කලේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ශ්‍රී ලංකාව අබිබවා දෙවැනි ස්ථානයට පත්වීමට එංගලන්තය සමත්විය. මේ සමගින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදුවිය. තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ කාණ්ඩයේ පළමු ස්ථාන දෙක අතර සිටින කණ්ඩායම් බැවින් මේ අනුව ශ්‍රී ලංකාවයට තරගාවලියේ බලාපොරොත්තු තවත් ඈතට ගියේය. මේ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම එංගලන්තය පැරදිය යුතු අතර ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ඔස්ට්‍රේලියාව අනිවාර්යයෙන් පරාජයට පත්විය යුතුය.