නයිජීරියා ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්යසාධනයේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ පත්කර තිබේ.
නයිජීරියාව මෑත කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සැලකිය යුතු වර්ධනයක් අත්පත්කරගෙන සිටින අතර මේ වසර මුලදී 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2019 විස්සයි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ද සහභාගී වූ අතර කාන්තා කණ්ඩායම 2019 දී සිම්බාබ්වේ හි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කර තිබේ.
මේ වන විට 54 වන වියේ පසුවන ගුරුසිංහ 1985 සිට 1996 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර 1996 ලෝක කුසලාන තරගාවලියේදී මතකයේ රැඳෙන පරිදි ඉනිම හයක සිට ලකුණු 51.16 ක සාමාන්‍යයක් ලබා ගනිමින් ලකුණු 307 ක් රැස් කළේය.
සමස්තයක් ලෙස ඔහු ටෙස්ට් 41 ක් (38.92 ක සාමාන්‍යයකින් ලකුණු 2452 ක්, ශතක 7 ක් සහ අර්ධ ශතක අටක්) සහ එක්දින තරග 147 ක් (සාමාන්‍ය 28.27, ලකුණු 3902 ක්, ශතක දෙකක් සහ අර්ධ ශතක 22 ක්) ක්‍රීඩා කළේය.
තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකු වන ගුරුසිංහ මෑතකදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත.
දෙසැම්බර් 8 වන දින අබුජා අගනුවර පැවැත්වෙන උත්සවයකදී ගුරුසිංහ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.