එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී බෙස් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත පන්දුව ගිය අවස්ථාවේදී ලකුණු 5ක් වෙනුවට ලකුණු 6ක් පිරිනැමීමේදි කුමාර් ධර්මසේන නිවැරදි ක්‍රමවේදනය අනුගමනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ජියෝෆ් ඇල්ලාර්ඩිස් මහතා ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තීරණයක් ගැනීමේදී ගතයුතු නිවැරදි ක්‍රියාවලිය විනිසුරන් විසින් අනුගමනය කර ඇති බවයි.
කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.