ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරමභක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ක්‍රීඩක ආචාරධර්ම පද්ධතිය කඩ කිරීම හා ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ සඳහන් නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ධනුෂ්කට මෙම තහනම පනවා ඇත.
එසේම දකුණු අප්‍රිකාව හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ඔහුට හිමිවන තරග ගාස්තුව, ප්‍රසාද මුදල් ඇතුළු කිසිදු ගෙවීමක් නොකිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම තහනම් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.