ධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා අද පුවත්පතට පැවසීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මේ වන විට නඩු කටයුත්තක් පවතින බැවින් ඔහුට කරන උපකාරයක් ලෙස ඒ සඳහා යන වියදම් ක්‍රිකට් ආයතනය මගින් ලබා දුන්නද එම සියළු වියදම් පසුව ඔහුගේ පෞද්ගලික මුදලින් අයකර ගැනීමට කටයුතු කරන බවයි.
කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පෙරේදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගත්තේය.