ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි ඔහු සම්බන්ධයෙන් පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය නියෝග කළේය.
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින ධනුෂ්ක ගුණතික සම්බන්ධයෙන් වූ නඩුව ඔස්ටේලියාවේ සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේදී කැඳවූ අවස්ථවේදී මෙසේ ඇප කොන්දේසි ලිහිල් කරනු ලැබීය.
ධනුෂ්කට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඇප ලැබුණු අතර එහිදී ඔහුට ටින්ඩර් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කිරීම තහනම් යනුවෙන් ඇප කොන්දේසියක් නියම කළේය.
ඉන් අනතුරුව ඔහුගේ ඇප කොන්දේසි පෙබරවාරි මාසයේදී වෙනස් කරන ලද අතර එමඟින් ඔහුට වට්ස්ඇප් භාවිත කිරීමට අවස්ථාව හිමිවිය.