සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 22 කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ජයග්රහණය වාර්තා කිරීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
දිවා - රාත්රි තරගයක් ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්විණි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාවේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ට ලකුණු 302ක් රැස්කළේය.
එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවා 50කදී කඩුුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 280ක් පමණි.
මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.