එංගලනත් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය සැලසුම් කළ ආකාරයටම පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධව පැන නැඟුණු ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියේය.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේද මැදිහත්වීම මත එම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකිවූ බව ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩකයන් නුවර එර්ල්ස් රිජෙන්සි හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතය.