සංචාරක පාකිස්තාන කණ්ඩායම ලකුණු 246කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 508ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායම ලකුණු 261කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 378ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තානයට රැස්කළ හැකිවූයේ ලකුණු 231ක් පමණි.
නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 360/8 ක් ලෙස ඉනිම අත්හිටුවා පාකිස්තානයට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේ ඔවුන්ට ලකුණු 508ක ඉලක්කයක් ලබාදෙමිනි.
තරගයේ පළමු තරගය පාකිස්තානය ජයගත් හෙයින් 1-1ක් ලෙස තරගාවලිය සම සමව අවසන් විය.
තරගයේ වීරයා ලෙස ධනංජයද සිල්වා සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමිවිය.