ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඒ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.
ඊයේ (14දා) මෙම හමුව සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති ගැටලු අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම පෙබරවාරි මාසේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාකිස්තාන - ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමට අවශ්‍ය උපරිම සහාය දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.