ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 213කට සීමා කිරිමට දුනිත් වෙල්ලාලගේ (5/40) හා චරිත් අසලංක (4/18) සමත්වූහ.
කෙසේ වෙතත් ලකුණු 214ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 172ක් පමණි.
ධනංජය ද සිල්වා (41) හා දුනිත් වෙල්ලාලගේ (42*) ක්‍රමයෙන් කඩා වැටුණු ඉනිම ගොඩ නැංවුවත් ධනංජයගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණා. මේ අනුව ඉන්දියාව ආසියනු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීය.
ඒසේම ශ්‍රී ලංක කණ්ඩායම අඛණ්ඩව ඒක්දින තරග 13ක් ජයගනිමින් පිහිටුවා තිබූ වාර්තාවද ඉන්දියාව හමුවෙ අවසන් විය. කෙසේ වෙතත් අඛණ්ඩව 14 වැනි වරටත් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම පවත්වාගෙන යන ලෝක වාර්තාව තවමත් ඉදිරියට යමින් පවතී.
පන්දු යැවීමෙන්, පන්දුවට පහරදීමෙන් මෙන්ම උඩ පන්දු දෙකක් රැක ගත් දුනිත් වෙල්ලාලගේ තරගායේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
අආසියානු කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩයම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47ක් අවසානයේදී කඩුලු 9ට ලකුණු 197ක් රැස්කරගෙන සිටියි. දුනිත් කඩුලු පහක් හා අසලංක කඩුලු 4ක් දවා ගත්හ.