අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.
වේග පන්දු යවන දිලුක දුශේන් මෙන්ඩිස් මේ නව වාර්තාව තැබූවේ යාබද පාසල වන බලපිටිය රේවත හා නවදගල යන දෙවිදුහල් දෙකට එරෙහිව පැවති තරග දෙකේදීය.
ඇල්පිටිය නවදගල විදුහල අතර පැවති මුල්ම තරගයේදී පළමු ඉනිමේදී කඩලු ත්‍රිත්වයක් ලබා ගත් දිලුක දෙවැනි තරගයවූ බලපිටිය රේවත විදුහල අතර පැවති තරගයේදී දෙවැනි ඉනිමේදී කඩලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.
නවදගල විදුහල අතර පැවති තරගයේදී දිලුක යැවූ හය වැනි ඕවරයේදී දෙවැනි ,තෙවැනි ,හා සිව් වැනි පන්දු තුනේදී කඩලු ත්‍රිත්වයක් ලබා ගත්තේ එම ඕවරය නිලකුණු ඕවරයක් ලෙස සනිටුහන් කරමින්ය.
එම තරගයේදී පලමු ඉනිමේදී දිලුක කඩලු ත්‍රිත්වයක් සමග ඕවර 7ක් යවා ලකුණු 13 කට කඩලු 4ක් දවා ගත්තේය . දෙවැනි ඉනිමේදී ලකුණු 9 කට කඩලු 2ක් දවා ගත්තේය.එම තරගයේ පළමු ඉනිමේ ජයක් සිද්ධාර්ථ විද්‍යාලයට හිමිවිය .
රේවත විද්‍යාලය සමග පැවති තරගයේදී දෙවැනි ඉනිමේදී දිලුක හතර වැනි ඕවරයේදී දෙවැනි,තෙවැනි හා සිව් වැනි පන්දු තුනේදී ද කඩලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.එහිදී දිලුක දෙවැනි ඉනිමේදී ලකුණු 18කට කඩලු 5ක් බිද හෙලීය.එම තරගයේ කඩලු 9 යක ජයක් සිද්ධාර්ථ විද්‍යාලයට හිමිවිය.