සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිමට වඩා ලකුණු 153ක් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවෙයි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 102ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරමභ කළේය.
නායක දිමුත් කරුණාරත්න ලකුණු මුලු ලකුණු සංඛ්‍යාව 8 දී දැවි ගිය අතර එන් අනතුරුව ළහිරු තිරිමාන්න (76) හා ඕෂධ ප්‍රනානදු (91) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක සබඳතාවක් පැවැත්වීම සමත්වූයේය.
ලකුණු 170දී ඕෂධ ප්‍රනාන්දු දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් (04) ලකුණු 178දී දැවි ගිය අතර ළහිරු තිරිමාන්න ලකුණු 189දි දැවි ගියේය.
ඉන් අනතුරුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා (46), පැතුම් නිශ්ශංක (21) නොබිඳුණු ලකුණු 66ක සබඳතාවක් පවත්වමින් සිටියි.
අද තරගයේ සිවුවැනි දිනයයි._