සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය (202) වාර්තා කිරීමට ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.
බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 541/7ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩාම පන්දුවාර 142කදී ලකුණු 469 රැස්කරගෙන සිටියි.
දිමුත් කරුණාරත්න සමග අනික් අන්තයේ පන්දුවට පහරදෙන ධනංජයද සිල්වා ලකුණු 143ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකාව තවත් ලකුණු 72ක් පසුපසින් සිටියි. දිමුත් හා ධනංජය අතර සබඳතාව ලකුණු 279කි.
දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්රිඩා කරන ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවයේ 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.
බංග්ලාදේශය රැස්කළ ලකුණු 541/7 ට පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 89කදී කඩුලු තුනකට ලකුණු 272ක් රැස්කරගෙන සිටියි.
දිමුත් කරුණාරත්න 115* ධනංජයද සිල්වා 39* නොදැවී පිටියේ රැඳී සිටිති.
අද තරගයේ සිවුවැනි දිනයයි.