ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට නියමිතය.
නවසීලන්තය හා පැවැති දෙවැනි තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.