තමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය ශරීර ශක්තිය වැඩිදියුණු කිරීමට ආහාර රටාවද උපයෝගී කර ගත් බවයි.
ඔහු මෙහීදී පවසා සිටියේ මෙම නව ආහාර රටාව පිළිබඳ තමන් දැනුවත්කලේ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් පුහුණුකරුවෙකුද වන ආකිබ් ජාවේඩ් බවයි.
ඒ අනුව දිනකට උදෑසන, දිවා හා රාත්‍රී යන ආහාර වේල් ත්‍රිත්වයට බිත්තර 8 බැගින් ආහාරයට ගන්නා බව ඔහු මෙහිදී පැවසීය.
මෙම ආහාර රටාවට හුරු වූයේ තමව් ක්‍රිකට් ඇකඩමියට පුහුණුවීම් සඳහා පැමිණිමේදී බවත්, එහිදී කොතරම් බිත්තර ප්‍රමාණයක් සිය කාමරයේ ගොඩගසා තිබුනේද යත්, තමන්ට කුකුල් ගොවිපලකට ඇතුළු වූ බවක් හැඟුණු බවද ඔහු මෙහිදී පවසා සිටියේය.
කෙසේ වෙතත් සිය ශරීර ශක්තිය වැඩිදියුණු කර ගැනීමට මෙම ආහාර රටාව වැදගත් වූ බව ඔහු මෙහිදී පැවසීය. මෙම නව ආහාර රටාව නිසා සිය ශරීරයේ බර කි.ග්රෑ 10 කින් පමණ වැඩි කර ගැනීමට හැකිවූ බව ඔහු මෙහිදී පවසා සිටියේය.
පාකිස්ථාන කණ්ඩායමේ දැල තුළට පුහුණුවීම් සදහා පන්දු යවන්නෙකු (Net Bowler) ලෙසින් ක්‍රියා කළ රවුෆ් පසුව කණ්ඩායමේ ටෙස්ට්, ඒක්දින හා විස්සයි විස්ස යන අංශ ත්‍රිත්වයේම නිත්‍ය සාමාජිකයෙකු දක්වාම සිය දක්ෂතා වැඩිදියුණු කර ගත්තේය. එහිදී විස්සයි විස්ස තරග 57 කදී කඩුළු 72ක්ද, එක්දින තරග 16 කදී කඩුළු 29 ක්ද බැගින් රවුෆ් දවාගෙන ඇත.
හැරිස් රවුෆ්