ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියොගාත්මක කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන රොෂාන් මහානාම හා සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් අදහස් දක්වා තිබේ.
සනත් ජයසූරිය - "පසුගිය මාසය තුළ අපි ශ්‍රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයකටම හා සෑම කෙනෙකුටම උපරිම තත්ත්වයක් තිබේ. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්‍රතිඵලයක්.
කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
ශ්‍රී ලංකාව අවදිවන්න
එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ
සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගහන එක ගැන නෙවෙයි. එය නිවැරදි දේ සඳහා ස්ථාවරයක් ගැනීමයි."
රොෂාන් මහානාම - දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්. මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නෙවෙී සිටින නිසායි.
මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් "දැන් ඇති!" කියා කිය යුතු මොහොතයි.
මා මෙරටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.