2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
විලියම්සන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති ආරම්භක තරගයේදී දණහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහුට පන්දුවට පහර දීමට නොහැකි විය. පසුව ඔහු තරගාවලියෙන් ඉවත් වී සිය රට බලා පිටත් විය.
මින් පෙර කිසි දිනෙක IPL තරඟාවලියට සහභාගී නොවූ ශානක ඔහුගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට ගිවිසුම් අත්සන් කර ඇත.