සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 5ට ලකුණු 176ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 19.5කදි ලකුණු 77ක් ජයගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
තරගයේ අවසන් පන්දුවාර 3දී තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 59ක් අවශ්‍යව තිබුණි.
ඒ වන විට නායක දසුන් ශානක පන්දු 12කදි ලකුණු 6ක් හා චාමික කරුණාරත්න පන්දු 6කදී ලකුණු අටක් රැස්කර තිබුණි.
කෙසේ වෙතත් 18 වැනි පන්දුවාරයේදී දසුන් ශානක පන්දු හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක් එල්ල කිරීමට සමත්විය,
19 වැනි පන්දුවාරයේදි දසුන් ශානක හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කිරීමට සමත්වු අතර චාමිකද හතරේ පහරක් එල්ල කළේය.
අවසන් පන්දුවාරයේදී තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19ක් අවශ්‍ය විය.
එම පන්දුවාරය යොමුකළ කේන් රිචඩ්සන්ගේ පළමු පන්දු දෙකම වයිඩ් පන්දු බවට පත්විය. ඊළඟ පන්දුවට ශානක එක් ලකුණක් රැස්කළ අතර චාමිකට යොමුකළ පන්දුවේදී ඔහු බයි ලකුණක් ලබාගත්තේය.
පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි හා පස්වැනි පන්දු සඳහා නායක දසුන් ශානක හතරේ පහරක්, හතරේ පහරක් හා හයේ පහරක් එල්ල කිරීමට සමත්විය.
නැවතත් කේන් රිචඩ්සන් යොමුකළ පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර එම ලකුණත් සමගින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.
දසුන් ශානක පන්දු පන්දු 25කදි ලකුණු 54ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ අවසන් ලකුණු 48 පන්දු 13ක් තුළ වාර්තා විය. මෙම ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.