ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතරයක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් අද (11දා) දිනයේදී එම ලේකම්වරියන් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹට කැඳවා තිබේ.
දිනකට අතිකාල දීමනා වශයෙන් රුපියල් පන්දහසක දීමනාවක් සහ නවාතැන් පහසුකම් සමග ලේකම්වරියන් දහයකට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ලේ දින පහක් පමණ ගතකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන මූල්‍ය පාඩුව මාධ්‍ය මගින් අනාවරණය කිරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයක් මත මෙම ලේකම්වරියන් දඹුල්ලේ සිට හදිසියේ කොළඹට කැඳවා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.