සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය. ඒ් ප්‍රභල පෘතුගාලය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කරමිනි. ආසියානු කලාපය නියෝජනය කරමින් තරගාවලියට පිවිසි දකුණු කොරියාව මෙහි දෙවැනි වටයට පිවිසියේ 2010 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයකි.
තරගය ආරම්භයේදී ප්‍රසාද ලකුනු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටි දකුණු කොරියාව මීට පෙර පැවති තරග වලදී උරුගුවේ සමගින් තරගය ජයපැරදුමින් තොරවද (ගෝල 0-0) ඝානාව සමගින් තරගයට පරාජයකින්ද (ගෝල 3-2) නිමා කළහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටි ඔවුන්ට දෙවැනි වටයට පිවිසීමට නම් පෘතුගාලය සමගින් තරගය ජය ගැනීම මෙන්ම ඝානාව හා උරුගුවේ සමග පැවති තරගයෙන් ඝානාව පරාජයට පත්වීමද අනිවාර්යය විය.
තරගය ආරම්භයෙන් 5 වැනි මිනිත්තුවේදී ඉදිරිපෙළ ක්‍රීඩක රිකාඩෝ හෝටා පෘතුගාලයට ගෝලයක් වාර්තා කර දෙමින් පෙරමුණ ගත්තේ දකුණු කොරියාවට ලෝක කුසලානය සිහිනයක් බවට පත් කරමිනි.
නමුත් 27 වැනි මිනිත්තුවේදී ලැබුණු කෝනර් පහරක් සාර්ථකව ප්‍රතිවාදී දැලතුලට රිංගවීමට පසුපෙළ ක්‍රීඩක කිම් යංග් ග්වෝන් සමත්වූයේ දකුණු කොරියාවට යම් බලාපොරොත්තුවක් එක් කරමිනි. ඒ් අනුව පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස සමතත්වයෙන් යුතුව අවසන්විය.
අනතුරුව තරගයේ දෙවැනි අර්ධයේ නිමාවෙන් පසු, තරග කාළයෙන් අපතේ යැවෙන කාළයට ලබාදෙන (injury time) මිනිත්තු 6 ආරම්භ වූයේද ගෝල 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සමතත්වයෙන් යුතුව අවසන් වෙමිනි.
නමුත් මිනිත්තුවක් ගතවද්දීම ගෝලය පාදයෙන් ප්‍රතිවාදී සීමාව වෙත තල්ලු කරගෙන දිව ගිය කොරියානු නායක සොන් හියුන්ග් මින් ,කල්යල් බලා එය අනෙක්පසෙන් දිව ආ හ්වැන්ග් හී චාන්ට පිරිනැමීය. මොහොතක් පමා නොවූ චාන් ප්‍රතිවාදී දැල් රකින්නා පරදා ඒය ගෝලය තුළට රිංගවූයේ දකුණු කොරියාවට තරගයේ ජය හිමිකර දෙමිනි.
තරගය නිමාවට මිනිත්තු 5කට පෙර ප්‍රසාද ලකුණු සටහනේ අවසන සිටි ද. කොරියාව මේ සමගින් ප්‍රසාද ලකුනු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියහ. ඒ් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 දක්වා වර්ධනය කර ගනිමිනි.
දකුණු කොරියාව හා පෘතුගාගය මීට පෙර 2002 වර්ෂයේ පැවති ලෝක කුසලානයේදීද මූලික වටයේදී ඒකිනෙකා හමුවී ඇති අතර එහිදී ගෝල 1-0 ක් ලෙස පෘතුගාලය පැරදවීමට දකුණු කොරියාව සමත් වී ඇත. වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්හිද පෘතුගාලය 9 වැනි ස්ථානයේ පසුවද්දී ද. කොරියාව පසුවන්නේ 28 වැනි ස්ථානයේයි. ප්‍රභල කණ්ඩායම් උඩු-යටිකුරු වූ මෙම තරගාවලියේ ප්‍රභල නම් ගිය කණ්ඩායම් , සාපේක්ෂව දුබල කණ්ඩායමක් හමුවේ පරාජය ලැබූ 7 වැනි අවස්ථාව ලෙස මෙය වාර්තා විය.
මීට පෙර සෞදි අරාබිය හමුවේ ආර්ජන්ටිනාවත්, ජපානය හමුවේ ජර්මනියත්, මොරොක්කෝව හමුවේ ලෝක ශ්‍රේණිගත කිරිමේ දෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමත්, ටියුනීසියාව හමුවේ පසුගියවර ලෝක ශූරයින් වූ ප්රංශයත්, ඔස්ට්‍රේලියාව හමුවේ ඩෙන්මාර්කයත්, ජපානය හමුවේ ස්පාඤ්ඤයත් තරගාවලියේ පරාජයට පත්වූහ.
දකුණු කොරියානු නායක සොන්- හ්වෑන්ග් මින්
උරුගුවේ වසර 12 කට පසු මූලික වටයෙන්ම ඉවතට
ඊයේ දිනයේදීම ඝානාව සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙස ජයගත් උරුගුවේ කණ්ඩායමද ප්‍රසාද ලකුණු4 ක් හිමිකර ගෙන සිටියද. ප්‍රතිවාදී කණ්ඩායම් වලට ගෝල වාර්තා කළ ප්‍රමාණය අනුව දකුණු කොරියාව ඉදිරියෙන් සිටියේය. යම් හෙයකින් උරුගුවේ කණ්ඩායම තරගයේ තව එක් ගෝලයක් ලබාගෙන සිටියේ නම් දකුණු කොරියාව අබිබවා තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට හීමවීමට තිබිණ. 2010 වර්ෂයේ සිට අඛණ්ඩව ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් උරුගුවේ කණ්ඩායම එම සියළුම තරගාවලිහි දෙවැනි වටයට පැමිණීමට සමත්වී තිබිණ. මෙවර තරගාවලියේදී එතරම් දක්ෂතා අතරට නොපැමිණි ඔවුන් දකුණු කොරියාව සමගින් පැවති තරගය ගෝල 0-0 ක් ලෙස ජය පැරදුමින් තොරව නිමා කරද්දී පෘතුගාලය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජය විය.