දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.3කදී සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කිරීමට සමත්විය.
පන්දුවාර 8.5කදී ලකුණු 36කට කඩුලු පහක් දැවී තිබූ ශ්රී ලංකා ඉනිම ලකුණු 128ක් දක්වා රැගෙන යාමට කුසල් පෙරේරා (81) හා තිසර පෙරේරා (49) සමත්වූහ. වෙනසත් කිමිම ක්රීඩකයෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
දකුණු අප්රිකාව වෙනුවෙන් කාගිසෝ රාබඩා හා ත්රාබ්රේස් ශම්සි කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත්වූහ.
ඡායාරූප ශාන්ත රත්නායක