ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ද. අප්රිකාව හා වේල්සය, සමත්විය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් ජනප්රිය කණ්ඩායම වෙමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා, අපරාජිතව පැමිණි ජපානයට මෙහිදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ දකුණු අප්රිකාව හමුවේ පරාජයට පත්වෙමිනි.
ද. අප්රිකාව 26-03 ජපානය
අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද. අප්රිකාව සමත්විය. ඒ සත්කාරක ජපානය පරදා 26-03ක ජයක් හිමිකර ගනිමිනි.
මෙම තරගය ටෝකියෝහිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය තුළදී ද.අප්රිකාවට ප්රබල පීඩනයක් එල්ල කිරීමට ජපානය සමත් වූ අතර, එම අර්ධය නිමාවද්දී ලකුණු 5-3ක් ලෙස ඉදිරියෙන් පසු වූ ද. අප්රිකාව දෙවැනි අර්ධය තුළදී තමන්ට ලැබුණු අනපේක්ෂිත බුරුලෙන් උපරිම ප්රයෝජන ගනිමින් තවත් ලකුණු 21ක් රැස්කිරීමට සමත්විය.
එහිදී ප්රතිවාදී ජපානයට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට ඉඩක් නොවීය. කෙසේ වෙතත් ජපානය මෙවර ලෝක කුසලානයේ පෙරළියක් කළේ රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වෙමිනි.
වේල්සය 20-19 ප්රංශය
තියුණු සටනකින් පසු ප්රංශය පරාජයට පත්කිරීමට වේල්සය සමත්විය. ඔයිටාහිදී ඊයේ (20දා) පැවැති තරගය ආරම්භයේදී ප්රංශයෙන් වේගවත් ක්රීඩා විලාශයක් දක්නට ලැබුණි.
ඒ අනුව පළමු අර්ධය අවසන් වද්දීම ඔවුන් 19-10ක් ලෙසින් ඉදිරියට පැමිණීමට සමත්විය. කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භයේදීම ප්රංශ ක්රීඩකයෙකුට රතු කාඩ්පතක් ලැබී පිටියෙන් ඉවත්වීම හේතුවෙන් ඔවුන්ගෙන් තරගය ගිලිහී ගිය අතර, එයින් ප්රයෝජන ගත් වේල්සය තවත් ලකුණු 10ක් එම අර්ධය තුළදී රැස්කළේ ප්රතිවාදී ප්රංශයට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි.