සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළම දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ ඇරයුමෙන් දකුණු අප්රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 235ක් පමණි.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්රනාන්දු කඩුලු හතරක් කසුන් රාජිත කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූහ. දකුණු අප්රිකාව වෙනුවෙන් ඩි කොක් ලකුණු 80ක් රැස්කිරීමට සමත්විය.