සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 125/8 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණි.
මෙහිදී ශ්රී ලංකා නායක ලසිත් මාලිංග විස්සයි20 ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමින් පන්දු හතරකදී පිට පිටම කඩුලු 4ක් සමග කඩුලු 5ක් දවාගනිමින් ශ්රී ලංකා ජයග්රහණය තහවුරු කළේය.
මෙහිදී ශ්රී ලංකාව වෙනුවෙන් විස්සයි20 වරම් හිමිකර ගැනීමට ළහිරු මධුශංක සමත්විය.
විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.