සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස්කරගෙන සිටියි.
අද දිනයේදී සවස්වරුම ගාල්ලට අධික වැසි පතිත වීම හේතුවෙන් පසුවරු 1.10න් පමණ පසුව තරගය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි විය. ඒ අනුව පස්වරු 4.45ට පමණ තෙවැනි දිනයට තරගය නිමා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 386ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව කොදෙව් කණ්ඩායම තවත් ලකුණු 162ක් පසුපසින් සිටියි.
හෙට තරගයේ සිව්වැනි දිනනයි. ඉදිරි දින කිහිපයේදී ලංකාවට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.