සංචාරක ඉන්දීය ඒ19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර එන්.සී.සී. පිටියේ පැවැති පළමු සිවුදින තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 244ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 324ක් රැස්කළේය.
ඉනිමක පරාජයෙන් බෙරීම සඳහා ශ්රී ලංකාව ලකුණු 345ක් රැස්කළ යුතු වුවත් අද දිනයේදී ශ්රී ලංකා ඉනිම අවසන් වන විට රැස්කරනෙ සිටියේ ලකුණු 324ක් පමණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කළේය. මෙම තරගයේදී ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්ද තරග කළ අතර ඔහුවේග පන්දු යවන්නේ ලෙස කටයුතු කළ ඔහු ඉනිම දෙකේදි කඩුලු දෙකක් දවාගත්තේය.
ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නිපුන් මාලිංග දවා ගැනීමට අර්ජුන් තෙන්ඩුල්කාර් සමත්විය.