(UPDATE) දඹුල්ල ක්රීඩාංගණයට බලපෑ අධික වර්ෂාව හේතුවන් ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැති එක්දින තරගය අත්හැර දැමීමට කටයුතු කෙරිණ.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධ එල්ල විය.
වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දමන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15කදී ලකුණු 90/2 රැස්කරගෙන සිටියි.
ජේසන් රොයි 24, ජොනී බෙයාස්ටෝ 25 දැවී ගිය ක්රීඩකයන් වන අතර ජෝ රූට් 25* හා නායක මොගන් 14 * නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති.
ණුවන් ප්රදීප් හා අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවා ගත්හ.