ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි සිය විස්සයි විස්සයි විස්ස දිවියේ ලකුනු හාරදහසේ සීමාවට ලගාවීමට සමත්විය. ඒ එංගලන්තය සමගින් ලෝක කුසලානයේ අද පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදිය.
එහිදි කෝලි රැස්කළ ලකුනු 50 සමගින් ඔහු විස්සයි විස්ස පිටියේදී ඉනිම් 107 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 4008 ක් දක්වා ඉහළ ගියේය. මෙම කඩඉමට ලගාවූ ලොව පළමු හා එකම පිතිකරුවාද වන්නේ කෝලිය. ඔහුගේ පිතිකරණ සාමාන්‍යයය දැක්වෙන්නේද 52.74 ක් ලෙසිනි.
මෙවර ලෝක කුසලානයේ ඉනිම් 6 කදී ලකුණු 296 ක් රැස් කළ කෝලි එහි වැඩිම ලකුණු ලාභියා වේ. එමෙන්ම ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුනු ලාභියාද වේ. ඒ ඉනිම් 25 කදී ලකුණු 1141 ක් රැස් කරමිනි.