තරග පාවාදීමේ චෝදනා ඒල්ල වී තිබෙන හොං කොං ක්‍රිකට් ක්‍රිඩකයන් වන ඉර්ෆාන් අහමඩ්, නඩීන් අහමඩ් හා හසීබ් අම්ජාඩ්ට එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දින 14ක කාලයක් ලබාදි තිබේ.
ඊයේ (08දා) සිට ඔවුන්ට මෙසේ දින 14ක කාලයක් ලබාදී අතර ඉර්ෆාන් හා අහමඩ් සහෝදරයන්ද වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ක්‍රීඩකයන්ට එරෙහිව චෝදනා 19ක් ඉදිරිපත් කර ඇති අතර මීට පෙර ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරිමද තහනම් කෙරිණ.
2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග, 2016 වසරේ විස්සයි 20 ලෝක කුසලානයේ තරග, 2014 විස්සයි20 ලොක කුසලාන තරගාවලියේ පුහුණු තරග පවාදී ඇති බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.