මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මුලින්ම චෝදනා එල්ල වූයේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංගට හා අරවින්ද ද සිල්වාට බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.
ඒ වෙලාවේ පරීක්ෂණ කරලා ඔවුන්ට දඬුවම් කළේ නෑ කියලා මුළු ලංකාවෙම ක්‍රිකට් ප්‍රජාව මට බනිනවා. හොරෙක් නම් හොරකම් කළා කියලා ප්‍රසිද්ද කරන තිබුණා,ඉස්සෙල්ලාම ඔහුගේ අමාත්‍යාංශය ආරක්ෂා කර ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.” යැයි පැවසීය.
ශ්‍රි ලංකා ක්‍රිකට් දියුණු කිරීමට අදාළව හිටපු නායක මහේල ජයවර්ධන ලබාදුන් යෝජනා හතරෙන් තුනක් ක්‍රියාත්මක කළ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසුවේය.
“මහේලගේ හොඳ යෝජනාවන් හතරෙන් තුනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එකකට හැමෝගෙම එකඟතාවය නෑ. ඒක තමයි දාහතර විසිහතර කරන එක. ඉතින් එකනිසා ඒක ඇරෙන්න ඔහුගේ සියලු අදහස් හොඳයි. අපි එකට ගරු කරනවා”