එක්දින ක්රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් මීට සමත්වූහ. ඒ සිම්බ්බාවේ කණ්ඩායම හා බුලවායෝහි පැවැත්වන එක්දින තරගයේදීය.
ඔවුහු දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 42කදී ලකුණු 304 ක සබඳතාවක් පැවත්වීමට සමත්වූහ.
සාමන් 213* ඉමාම් උල් හක් 113 ලෙස ලකුණු රැස්කරමින් එම වාර්තාව බිඳ දැමීය. මීට පෙර එක්දින ක්රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවට හිමිකම් කිවේ ශ්රි ලංකාවේ උපුල් තරංග හා සනත් ජයසූරියයි ඔවුන් එංගලන්තනයට එරෙහිව 2006 වසරේදී ලකුණු 286ක් රැස්කර තිබුණි.
තරගයේදී පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 399ක් රැස්කළ අතර සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 155ක් පමණි. ඒ අනුව පාකිස්තානයට ලකුණු 244ක දැවැන්ත ජයක් හිමිවිය.