යොහාන් භාසුර, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (15දා) පැවැති තරගයේදී තුවාල ලැබූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.
තමීම් මෙම තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් වම් අතේ මැණික්කටුව ප්‍රදේශයේ වැදී තුවාල ලබා පිටියෙන් ඉවත් විය. ඉන් පසු ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක්කර ඇති අතර, ඒ අනුව සති කිහිපයක් විවේක ගැනීමට සිදුව තිබේ.
තමීම් තුවාල ලබන විට ලකුණු 02ක් රැස්කර සිටි අතර, ඔහු වෙළුම් පටි යොදා තිබියදී බංග්ලාදේශ ඉනිමේ අවසානයේ නැවත පන්දුවට පහරදීමට පැමිණ තනි අතින් පන්දුවකට පහර දී බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට මුෂ්ෆිකර් රහීම්ට සහයෝගය දැක්වීය.