ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හා වේග පන්දු පුහුණුකරු ණුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා එල්ල වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.
ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.
මේ සඳහා පිළිතුරු ලබාදීමට ණුවන් සොයිසාට දින 14ක කාලයක් ලබාදී ඇති එම කාලය නොවැම්බර් මස 01 දා සිට ආරම්භ වෙයි.