ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය වූ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් දකුණු අප්රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 160ක් පසුපසින් සිටියි.
කඩුල්ලේ රැඳී සිටින කුසල් පෙරේරා (33) හා දිනේෂ් චන්දිමාල් (21) තෙවැනි කඩුල්ලලට ලකුණු 43ක සබඳතාවක් පවත්වාගෙන සිටියි. මෙහිදී ශ්රී ලංකා දෙවැනි ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න ලකුණු 06කට දැවී ගිය අතර, මුළු ලකුණු 22ක් වනවිට කුසල් මෙන්ඩිස්ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය. බිඳවැටුණු කඩුලු දෙකෙහිමි හිමිකරුවා බවට ලුන්ගි න්ගිඩි පත් විය.