ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 06 වැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 151ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
මෙහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 61දී නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය.