බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක්වු ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංකට තරගාවලියේදී ඉතිරි තරග මෙන්ම ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ මුල් තරග කිහිපයද අහිමි වී තිබේ.
ඒ ඔහු මස්පිඩු ආබාධයකට ලක්ව ඇති හෙයිනි. ඒ අනුව ඔහු සිය ආබාධය සුවකර ගැනිමට අදාළ කටයුතු සිදුකිරීම වෙනුවෙන් මේ වන විට ශ්රී ලංකාවට පැමිණ තිබේ. ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර තීරණාත්මක තෙවැනි එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය ජය ගන්නා කණ්ඩායම එක්දින තරගාවලියේ ශූරතාවයද හිමිකර ගනු ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් 554,000ක පමණ අගයකට ඩිල්ෂාන් මධුශංක සිය කණ්ඩායමට එක්කර ගත්තේය.