එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
ඒ රෝඩ් සේෆ්ටි තරගාවලිය යටතේ පැවැති තරගයකදීය. මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩාය තරගයේ පන්දුවාර 20 තුළදී කඩුලු 9කට ලකුණු 78ක් රැස් කළේය.
සුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී ලකුණු 6ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූයේය. ඊට අමතරව රංගන හේරත්කුලු 2ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම කීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 81ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
එහිදීද නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූයේය.