බ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.
2011 වර්ෂයේ පටන් චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන බ්රාවෝ තරග 161 කදී කඩුළු 183 ක් බිඳ හෙලා ඇත. ඔහු පසුගිය (2022) තරගවාරයේදී ලසිත් මාලිංග සතුවූ අයි.පී.ඒල් වැඩිම කඩුළුලාභියාගේ වාර්තාව (170) තමන් සතු කර ගැනිමට සමත්විය.
කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ ලක්ෂ්මීපති බාලාජි පෞද්ගලික හේතුවක් මත එළඹෙන තරගවාරයේදී සිය තනතුරින් ඉවත්වීම මත බ්‍රාවෝට එය ලබාදීමට පාලනාධීකාරිය තීරණය කර ඇත.
බ්රාවෝ මෙන්ම තවත් කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ මුම්බායි කණ්ඩායම නියෝජනය කළ කිරන් පොලාඩ් පසුගියදා අයි.පී.එල්. තරගාවලියෙන් සිය සමුගැනිම නිවේදනය කලේය. පසුව ඔහු මුම්බායි කණ්ඩායමේ එළඹෙන තරගවාරයේ පිතිකරණ පුහුණුකරු ලෙසින් පත් කෙරිණි.