ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් අතර තරඟයේ පළමුව පන්දුවට පහර දුන් වයිකිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිට් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 84/3 ලබාගෙන තිබිණි.
නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය කිරීමට කැන්ඩි කණ්ඩායමට ලකුණු 88ක් ලබා ගත යුතුව තිබිණි.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4ක ජයක් හිමි විය.
දසුන් ශානක තරඟයේ වීරයා බවට පත් විය.