අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.
ඒ ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ සවුත්හැම්ටන්හි පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින්ය.
තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 139ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එය කඩුලු 2ක් දැවී සිටි ලබා ගැනීමට සමත් විය.