නවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරග 02ක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන් අනතුරුව නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායම සමග එක්ව නොසිටියේය.
මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ, හතුරුසිංහ ලෙඩ නිවාඩු ගෙන ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි.
හතුරුසිංහ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහුගේ දරුවන් සහ බිරිඳ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන නිසා ඔහු කෙටි නිවාඩුවකට ගොස් තිබෙනවා. ඔහු නවසීලන්තයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන විට කණ්ඩායම සමග එක්වීමට නියමිතයි* යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට වසරකට පසු ළහිරු තිරිමාන්න කැඳවා තිබුණු අතර, උපනායකත්වයේ වෙනසක් සිදු කරමින් ප්‍රථම වරට උපනායකයා ලෙස ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබුණි.
ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව තිබූ අතර, ටෙස්ට් තරගාවලියට තරග 02ක්, ඇතුළත්ව තිබේ. පළමු ටෙස්ට් තරගය මෙම මස 15 වැනිදා වෙලින්ටන්හිදීද, දෙවැනි ටෙස්ට් තරගය 26 වැනිදා ක්රයිස්චර්ච්හිදීද ආරම්භ වීමට නියමිතය.
ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක්දින තරග 03ක් සහ විස්සයි 20 තරගයක් සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමට නියමිතය.
පැතුම් ශ්‍රී විජේරත්න