සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්විය. තරගයේ 5 වැනි දිනයෙදී ජයග්රහණයට ලකුනු 361 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩකයෝ තරගය ජය පැරදුමින් තොරව නිමාවද්දී කඩුළු 3 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටියහ. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 116 ක් රැස් කරගෙන සිටි අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් ලබා සිටියේය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය. ඒ අනුව ලකුණු 113 ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඇරඹු සිම්බාබ්වේ ක්රීඩකයින් 5 වැනි හා අවසන් දිනයේදී කඩුළු 7 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූහ.
තරගයේ වීරයා සම්මානය සිකන්දර් රාසා හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. ඔහු දෙරට අතර පැවති පළමු තරගයේදී ද්විත්ව ශතකයක්ද වාර්තා කලේය. පළමු තරගය ජය ගතක් ශ්රී ලංකාව මේ සමගින් දෙරට අතර පැවති තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ජය ගැනීමට සමත්විය.