කොරෝනා රෝගය මැඩලීමට ආධාර එකතු කිරීම සඳා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් වෙන්දේසි කළ ඔහුගේ ක්‍රීඩා ජර්සිය ස්ටර්ලින් පවුම් හැටපන්දහස් එකසීයක (රුපියල් පහලොස් ලක්ෂ හැටඑක්දහසක) මුදලකට අලෙවි වී ඇත. පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගයේදි බට්ලර් විසින් හැද සිටි මෙම ක්‍රීඩා ඇදුම ඔහු විසින් පසුගියදා ‘ඊ-බේ’ වෙබ් අඩවියෙහි වෙන්දේසියට එක් කලේය. ඒ එංගලන්තයේ ප්‍රධාන රෝහල් දෙකකට අවශ්‍ය ශ්වසන වෛද්‍යාධාර උපකරණ මිලදී ගැනීම වෙනුවෙනි. මෙම ජර්සිය වෙන්දේසි කරන විටඊට ලංසු 82 ක් ලැබී ඇතැයි වාර්තා වේ.
පසුගිය ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව එංගලන්ත විසින් දිනා ගත්තේ ඔවුන්ගේ කුළුදුල් ලෝක කුසලාන තරගාවලි ජය වාර්තා කරමිනි. එහිදී නවසීලන්තය සමගින් පැවති අවසන් මහා තරගයේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ බට්ලර් ලකුණු 52 ක් රැස් කළ අතර ඊට අමතරව තරගයේ අවසන් මොහොතේදී තීරණාත්මක වූ දුවද්දී දවා ගැනීමක්ද සිදු කලේය.