සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියා ජාතික නොවැක් ජොකොවිච් තමන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී අසත්‍ය තොරතුරු ලබාදුන් බවට පිළිගෙන තිබේ.
ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිවැරදිතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබේ.එහිදි ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ජොකොවිච් පෙර සති දෙක තුළදී ස්පාඤ්ඤයේ සහ සර්බියාවේ විවිධ අවස්ථාවලට සහභාගි වු බවට හැඟවෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවේ.