එල්.පී.එල්. තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඒ මෙවර තරගාවලියේ අවසන්මහා තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම කඩළු 2 කින් පරාජයට පත් කරමිනි. තියුණු තරගයකින් ලෙසින් පැවති මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2 කදී එය හඹායාමට සමත්විය. දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 50ක් රැස් කරමින් තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කලේය.
මේ සමගින් තරගාවලියේ වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන්ගේ නාමය ඉදිරියේ ලියා ගැණීමට ඔහු සමත්විය. අවිශ්ක තරගාවලියේ ඉනිම් 9 කදී ලකුනු 339 ක් රැස්කරගෙන ඇත. ඒ හේතුවෙන් ඔහු අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනිමට සමත්විය.
කලම්බු වෙනුවෙන් පන්දු යැවීමෙන් සුරංග ලක්මාල් කඩුළු 3 ක් දවා ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ඇරයුමින් පළමුවන පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 163 ක් රැස් කලේය. දිනේෂ් චන්දිමාල් එහිදී ලකුනු 49 ක් හා රවී බොපාරා නොදැවී ලකුණු 47 ක්ද බැගින් රැස් කළහ.
තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රමයි.