ජාතික ක්‍රීඩා සංචිත සඳහා යෝගා අනිවාර්ය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති දේශයකින් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මම දැනටමත් ජාතික සංචිත සඳහා යෝගා කිරීම අත්‍යාවශ්‍ය බවට තීරණයක් ගෙන ගෙන තිබෙනවා. ඒ වගේම භාවනාවත්. ලබන මාසයේ සෑම ජාතික සංචිතයක්ම යෝග සැසියකට එක්වෙිවි. අවම වශයෙන් සතියකට දෙපාරක්වත්. භාවනාව සමගින්.
ක්‍රීඩා පාසල් සඳහාත් අංගම්පොර හා යෝගා අපි හඳුන්වා දෙනවා. සම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් කළාවක් ලෙසත් මානසික හා ශාරීරික ශක්තිය වෙනුවෙනුත්.”