බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා තමන් අතර කඹ ඇදීමක් හෝ තරගයක් නැති බව කණ්ඩායමේ නව පුහුණූකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ පැවසීය.
බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට පෙර 2014-17 කාළ සමයේදී ක්‍රියාකොට ඇති හතුරුසිංහ එහිදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමගින් ගැටුම් ඇති කර ගැනීම පිළිබඳ මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.
හතුරුසිංහ 2014 වර්ෂයේදී ඔහු කණ්ඩායමේ ප්‍රධානම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ ෂකිබ් අල් හසන්ගේ නොමනා හැසිරීම් පිළීබඳ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන්ට පැමිණීලි කළ අතර ඒ හේතුවෙන් ෂකිබ්ට මාස 6 ක දෙස් විදෙස් තරග තහනමක්ද පැනවිනි.
එමෙන්ම 2017 වර්ෂයේදී බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මදුල්ලාව සංචිතයෙන් ඉවත් කිරිමටද හතුරුසිංහට අවශ්‍ය වූ බවට මාධ්‍ය වාර්තා තිබිණ. ඊට අමතරව කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මොර්ටාසා විස්සයි විස්ස තරග වලින් විශ්‍රාම ගැනීමටද හතුරුසිංහ බලපෑම් එල්ල කළ බවට වාර්තා පළ විය.