ජපානය අවසන් 16 දෙනාගේ වටයට
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් ලැබූ එකම ආසියානු කණ්ඩායම බවට පත්වීමට ජපානය ඊයේ (28දා) සමත්විය.
එච් කාණ්ඩයෙන් ජපානය හා පොලන්තය අතර පැවැති තරගය ඊයේ පැවැති අතර එහිදි ජපානය ගෝල 1-0 ක් ලෙස පැරඳුණත් සෙනගාල කණ්ඩායම ඉක්මවමින් ජපානය අවසන් 16 දෙනා අතරට පිවිසියේය.
එම කාණ්ඩයේම සෙනගාලය හා කොලොම්බියාව අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස කොලොම්බියාව ජය ගත්තේය.
ඒ අනුව කොලොම්බියාව එච් කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් 16 දෙනාගේ වටයට පිවිසි අතර ජපානය හා සෙනගාලය එකම ගෝල සංඛ්‍යාවක් හා එකම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබුණත් කහ කාඩ්පත් අඩුවෙන් ලැබිම හේතුවෙන් ජපානය අවසන් 16 දෙනා අතරට පිවිසියේය.
සෙනගාලයට කහ කාඩ්පත් 6කින් අවවාද ලබාගෙන තිබූ අතර ජපානය කහ කාඩ්පත් 4කින් අවවාද ලබාගෙන තිබුණි.