සිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම්ද ඇතුළත් කර ගැනීමට මෙවර අයි.පී.එල්. කිරුළ හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නිමාවට පත්වූ අයි.පී.එල්. තරගාවලියේදී පන්දුවෙන් දක්ෂතා දැක්වීමට සමත්විය. විශේෂයෙන්ම මතීෂ පතිරණ පිළිබඳව ඉන්දීය සුපිරි ක්‍රීඩක මෙන්ම චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශේෂ අවධානයද යොමුවිය.